මයිකල් ස්ලැටර්ට ඇප නැති වෙයි

Date:

ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරුවෙකු වන මයිකල් ස්ලැටර්ට ඇප ලබා දීමට එරට ක්වීන්ස්ලන්ත අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ හිංසන චෝදනා මත අත්අඩංගුවට පත් වූ ඔහුව තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කර ඇත්තේ.

54 හැවිරිදි ස්ලැටර්ට එරෙහිව 2023 වසරේ දෙසැම්බර් 5 වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් 12 වැනිදා දක්වා කාලයට අදාළව ගෘහස්ථ හිංසනයට සම්බන්ධ චෝදනා 19 ක් එල්ල වී තිබෙනවා.

එල්ල වී ඇති චෝදනා මයිකල් ස්ලැටර් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු ලබන මැයි 31 වැනිදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු 1993 වසරේ සිට 2001 වසර දක්වා ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, එහිදී ටෙස්ට් තරග 74 ක් ස්ලැටර් ක්‍රීඩා කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...