Watch : සුනිල් නරේන් වාර්තා කළ සුපිරි ශතකය මෙන්න

Date:

සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නරේන් අද(16) සමත් වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවයි.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 223 ක් ලබා ගත්තා.

සුනිල් නරේන් පන්දු 56 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 109 ක්. හයේ පහර හයක් හා හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු දැවී ගියේ ට්‍රෙන්ට් බෝල්ට් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. දැවී යාමෙන් පසුව බෝල්ට් විසින් සුනිල් නරේන්ගේ විශිෂ්ඨ ඉනිම ඇගයීමට කටයුතු කිරීම කැපී පෙනුණා.

සුනිල් නරේන් දැවී ගිය අයුරු හා ඔහුගේ ශතකය ඇතුළත් වීඩියෝ පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...