ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) නිමා වුණේ ලකුණු 192 ක විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.
ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.
දෙවැනි තරගයේ පස්වැනි හා අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 268 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 318 ක්.
මෙම ටෙස්ට් තරගාවලිය ජය ගැනීමත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.
මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග දෙකක් (පාකිස්තානයට එරෙහිව) ක්‍රීඩා කර තිබූ අතර, එම තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබුණා.
ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අවසන් ස්ථානයේ (9 වැනි ස්ථානය) රැදී සිටි අතර, පසුගියදා බංග්ලාදේශයට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් තරගයේ ජයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.
අද ලැබූ ජයත් සමග සිව්වැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24 ක්. ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 50%ක් ලෙසයි.
මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර සිව්වැනි ස්ථානයේ රැදී සිටි බංග්ලාදේශයට මේ වන විට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි. තරග 4කින් එක් තරගයක් ජය ගෙන ඇති බංග්ලාදේශයට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 25% ක්.
ප්‍රසාද ලකුණු සටහන –
[wpdatatable id=5]

