ප්‍රබලයින් 13 දෙනෙකු නොමැතිව නව නායකයෙකු සමග නවසීලන්ත T20 සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන නවසීලන්ත විස්සයි 20 සංචිතය නම් කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයට මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති ටිම් රොබින්සන් ද ඇතුළත්.

මෙම තරග වාරය ආරම්භයේ දී ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගත් වේග පන්දු යවන ක්‍රීඩක Will O’Rourke ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බ්‍රේස්වෙල් ආබාධවලට ලක් වීම හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙතෙක් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති පසුබිමක ඔහු කණ්ඩායමේ නායකයා ලෙස මෙලෙස පත් කර තිබීම විශේෂත්වයක්.

ඒ, අයි.පී.එල් ඇතුළු විවිධ හේතූන් මත නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් මෙම තරග සංචාරය සදහා ක්‍රීඩා නොකරන බැවින්.

ට්‍රෙන්ට් බෝල්ට්, ඩෙවෝන් කොන්වේ, ලොකී ෆර්ගසන්, මැට් හෙන්රි, ඩැරල් මිචෙල්, ග්ලේන් පිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිචෙල් සැන්ට්නර් හා කේන් විලියම්සන් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ වී සිටින නිසා පාකිස්තාන සංචාරයට එක් වන්නේ නැහැ.

විල් යන්ග් Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගත වී සිටින බැවින් පාකිස්තාන සංචාරයට එක් නොවන බව සදහන්.

ටොම් ලේතම් මෙම සංචාරයට එක් නොවන්නේ ඔහු හා ඔහුගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

ටිම් සවුති පාකිස්තාන තරග සංචාරයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා. කොලින් මන්රෝ ද තේරීම් සදහා සලකා බැලීමට නොහැකි වී ඇති බව සදහන්.

පාකිස්තාන – නවසීලන්ත තරග පහකින් යුත් විස්සයි 20 තරගාවලිය අප්‍රේල් 18 වැනිදා රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...