පොන්ටින්ලාගේ ලෝක වාර්තාව ඔසී ක්‍රීඩිකාවන් සම කරයි

Date:

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(7) ලෝක වාර්තාවක් සම කිරීමට සමත් වුණා.

ඒ, නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග නිමා වූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ද ජය ගැනීමත් සමගයි.

එම ජයග්‍රහනයත් සමග ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ වන විට අඛණ්ඩව ජය ගෙන ඇති එක්දින තරග සංඛ්‍යාව 21ක්.

ඒ අනුව ඔවුන් විසින් සම කරනු ලැබුවේ ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම විසින් අඛණ්ඩව එක්දින ජාත්‍යන්තර තරග 21ක් ජය ගනිමින් එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව එකම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම ලෙස පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් 2003 වසරේ ලෝක ශුරතාවය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම වාර්තාව පිහිටුවා තිබුණේ 2003 වසරේ ජනවාරි 11 වනදා සිට මැයි 24 වනදා දක්වා පැවැති තරග 21ක් අඛණ්ඩව ජය ගනිමින්.

බ්‍රිස්බේන්හී දී නවසීලන්තයට එරෙහිව අද පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 232ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තා.

එය නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ඔස්ට්‍රේලියාව ලකුණු පරතරය අතින් වාර්තා කළ දැවැන්තම ජයග්‍රහනයයි.

ඔස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින් ආබාධයක් හේතුවෙන් මෙම තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නවසීලන්තයට ලබා ගත හැකි වූයේ පන්දුවාර 27ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 93ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පසුගිය 2017 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙතෙක් ක්‍රීඩා කර ඇති තරග 21ක් අඛණ්ඩව ජය ගෙන ඇති අතර, එහිදී ජය ලබා ඇති එක්දින තරගාවලි ගණන 7ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...