ඩීන් ජෝන්ස්ට මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී අවසන් ගෞරව

Date:

අභාවප්‍රාප්ත වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ප්‍රවීන විස්තර විචාරකයෙකු වූ ඩීන් ජෝන්ස්ගේ දේහයට ඔහුගේ පවුලේ සාමාජිකයින් අද අවසන් ගෞරව දක්වා සිටියා.

ඩීන් ජෝන්ස්ට ගෞරවයක් වශයෙන් ඔහුගේ දේහය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ එක් වටයක් රැගෙන යාමට ද කටයුතු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ දේහය සහිත පෙට්ටිය ඔස්ට්‍රේලියානු ජාතික ධජයෙන් ආවරණය කිරීමට ද කටයුතු කර තිබුණා.

එමෙන්ම දේහය තැන්පත් කර තිබූ රථය තුළ ඩීන් ජෝන්ස්ගේ ටෙස්ට් අංකය වූ අංක 324 ද සටහන් කර තිබෙනු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම අවස්ථාවට එක් වීමට අවසර හිමිව තිබුණේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පමණයි.

පසුගිය 24 වනදා ඉන්දියාවේ මුම්බායි නුවරදී හෘදයාබාදයක් වැලදීමෙන්  ඔහු මියයන විට 59 වන වියේ පසු වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සදහායි ඩීන් ජෝන්ස් ඉන්දියාවට පැමිණ සිටියේ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 කට සහ එක්දින තරග 164කට ක්‍රීඩා කර තිබූ ඩීන් ජෝන්ස් එරටින් බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ.

ඩීන් ජෝන්ස්ට අවසන් ගෞරව දැක් වූ අයුරු ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින් –

cricket australia
cricket australia

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...