අවසන් පූර්ව තරග දින නියමයක් නොමැතිව කල් යයි

Date:

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (07) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, රට තුළ යළිත් ඇතිව තිබෙන කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන්.

සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පූර්වාරක්ෂාවක් ලෙසින් මෙම තීරණයට එළැඹීමට තරග සංවිධායක කමිටුව තීරණය කර ඇති බව සදහන්.

ඒ අනුව අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග 2, එනම්, එස්. එස්. සී. සහ බදුරලිය අතර තරගයත් කෝල්ට්ස් සහ ලන්කන් අතර තරගයත් යළි තරග පැවැත්වීමට සුදුසු දිනයක දී පැවැත්වීමට කටයුතු යොදනු ඇති.

(Source – SLC)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...