බෝල්ට්, චෙහල් හා රියාන්ගේ සුපිරි දක්ෂතා හමුවේ මුම්බායි පිලට දරුණු පරාජයක්

Date:

ට්‍රෙන්ට් බෝල්ට් හා යුස්වේන්ද්‍ර චෙහල්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

මෙය මුම්බායි කණ්ඩායම අඛන්ඩව පරාජයට පත් වූ තෙවැනි තරගය වන අතර, රාජස්ථාන් කණ්ඩායම අඛන්ඩව ජය ගත් තෙවැනි තරගය ද වනවා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් ක්‍රීඩකයින් පන්දුවාර 15.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 10කට ඉනිමේ පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට 17 හැවිරිදි ක්වේනා මාපාක සමත් වුණා. එය ඔහුගේ මංගල අයි.පී.එල් කඩුල්ලයි.

ජොස් බට්ලර් ලකුණු 13කටත්, සංජු සැම්සන් ලකුණු 12 කටත් දැවී ගියා. රවිචන්ද්‍රන් අශ්වින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 16 ක්.

යළිත් අර්ධ ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය රියාන් පරාග් පන්දු 39 කින් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී ආකාශ් මද්වල් ලකුණු 20 කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිමේ පළමු කඩුලු තුන ලෙස රෝහිත් ෂර්මා, නාමන් ධීර් හා ඩිවාල්ඩ් බ්‍රේවිස් ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා.

ඉෂාන් කිෂන් ලකුණු 16 යි. නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 34 ක්, තිලක් වර්මා ලකුණු 32 ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගීමට උත්සාහ දැරූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. ටිම් ඩේවිඩ් ලකුණු 17 යි.

පන්දු යැවීමේ දී බෝල්ට් ලකුණු 22 කට කඩුලු තුනක් දවා ගත් අතර, යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 11 කට කඩුලු තුනක් බිද හෙලුවා. නන්ඩ්‍රි බර්ගර් දවා ගත් කඩුලු ගණන දෙකක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...