Watch : මුම්බායි පිතිකරුවන් තිදෙනෙකු ඔවුන්ගේ පළමු පන්දුවේ දී ම බෝල්ට් දවා ගත් හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් සිය පළමු පන්දුවාර 2 තුළ දී කඩුලු 3ක් දවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් අද(1) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි පිලට ලබා දුන්නා.

පළමු පන්දුවාරය ට්‍රෙන්ට් බෝල්ට් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ඔහු විසින් රෝහිත් ෂර්මා හා නාමන් ධීර් ලකුණු නොලබා සිටියදී දවා ගත්තා. ඒ, එම පිතිකරුවන් දෙදෙනාම මුහුණ දුන් පළමු පන්දුවලදීයි.

අනතුරුව සිය දෙවැනි පන්දුවාරයේ දී (ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී) බෝල්ට් විසින් ඩිවාල්ඩ් බ්‍රේවිස් ලකුණු නොලබා සිටියදී දවා ගත්තා. ඔහු ද මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...