ශ්‍රී ලංකාව හා කමිදු ලෝක වාර්තා අලුත් කරයි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොංහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(31).

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 531 ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක හයක් වාර්තා වූ අතර, කිසිදු ශතකයක් කිසිදු පිතිකරුවෙකු විසින් වාර්තා නොකිරීම ද කැපී පෙනුණා.

එය නව ලෝක වාර්තාවක් බවට පත් වූයේ කිසිදු ශතකයක් වාර්තා නොවී ටෙස්ට් ඉතිහාසයේ දී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර ඉන්දියාව 1976/77 තරග වාරයේ දී නවසීලන්තයට එරෙහිව කිසිදු ශතකයක් වාර්තා නොකර ලකුණු 524/9 ක් ලබා එම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නිශාන් මදුෂංක ලකුණු 57 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක් වාර්තා කරමින් මුල්පෙල ශක්තිමත් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 59 යි. යළිත් සාර්ථක පිතිහරඹයක නිරත වූ නායක ධනංජය ද සිල්වා ලකුණු 70 ක් රැස් කළ අතර, කමිදු මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 92 ක්.

අසිත ප්‍රනාන්දු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දුවද්දී දැවී යාම හේතුවෙනුයි කමිදුට අඛණ්ඩව සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ අවස්ථාව අහිමි වුණේ.

කමිදු මේ වන විට ඉනිම් 4ක් සිය ටෙස්ට් දිවියේ දී ක්‍රීඩා කර ඇති අතර, එම සෑම ඉනිමකදීම ඔහු ලකුණු 50 ඉක්මවා රැස් කර තිබෙනවා. එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව තෙවැනි ක්‍රීඩකයා වන්නේ කමිදු මෙන්ඩිස්.

මේ වන විට කමිදු සිය පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ දී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 419 ක්. එය ද ලෝක වාර්තාවක් සම කිරීමක් වීම කැපී පෙනෙනවා.

මීට පෙර පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් 1976 වසරේ දී ද සිය පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ දී ලකුණු 419 ක් වාර්තා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...