මැට් හෙන්රි IPL තරගාවලිය සදහා ගිවිසුම්ගත වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් විලී වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි ඔහු මෙවර තරගාවලියට ලක්නව් කණ්ඩායම සමග එක්ව ඇත්තේ.

ඩේවිඩ් විලී පෞද්ගලික හේතුවක් මතයි 2024 අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළේ.

මැට් හෙන්රි ඉන්දීය රුපියල් කෝටි 1.25 ක මුදලකට ලක්නව් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

හෙන්රි ටෙස්ට් තරග 25 කදී, එක්දින තරග 82 කදී හා විස්සයි 20 තරග 17 කදී නවසීලන්තය නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු මීට පෙර පංජාබ් කිංග්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් සංචිතවලට ඇතුළත්ව සිටි අතර, මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ අයි.පී.එල් තරග දෙකක් පමණයි. එම තරග දෙකම පංජාබ් කණ්ඩායම වෙනුවෙන් 2017 වසරේ දී ඔහු ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...