Watch : බංග්ලාදේශය ගත් ඉතිහාසයේ දුර්වලම review අවස්ථාව?

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(30) චිතගොංහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ දී බංග්ලාදේශය විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) යොදා ගත් එක් අවස්ථාවක් බොහෝ දෙනෙකුගේ හාස්‍යට ලක් වනු දැකිය හැකි වුණා.

ඉනිමේ 44 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවට මෙලෙස ඔවුන් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ විනිසුරු තීරණයක් අභියෝගයට ලක් කළේ කුසල් මෙන්ඩිස්ට එරෙහිවයි.

තයිජුල් ඉස්ලාම් විසින් යොමු කළ අදාළ පන්දුව කුසල් මෙන්ඩිස්ගේ පා ආවරණයේ වැදී පිත්තේ වැදුණු බවට සැක කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් එය කඩුල්ල මුවා කිරීමේ වරදක් සිදු වූ අවස්ථාවක් විය හැකි බවට අනුමාන කළා.

කෙසේ වෙතත්, පුනරූපනවලදී දැකිය හැකි වූයේ එම පන්දුව කෙළින්ම පිත්තේ මැද වදින ආකාරයක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...