නිශාන්, දිමුත් හා කුසල්ගේ අර්ධ ශතක හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(30) චිතගොංහී දී (Chattogram) ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 314 ක්.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 34 ක් හා නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න හා නිශාන් මදුෂ්ක පළමු කඩුල්ලට ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. මදුෂ්ක ලකුණු 57 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

දිමුත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 86 ක්. කුසල් මෙන්ඩිස් ලකුණු 93 කට දැවී ගියා. මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඇතුළත්. ඇන්ජෙලෝ මැතිව්ස් රැස් කළේ ලකුණු 23 ක් පමණයි.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ හසාන් මහ්මුද් කඩුලු 2 ක් දවා ගත් අතර, ශකිබ් අල් හසාන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...