කැමරන් බැන්ක්‍රොෆ්ට් රෝහල් ගත කෙරේ

Date:

පා පැදි අනතුරක් හේතුවෙන් කම්පන තත්ත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානු පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව බ්‍රහස්පතින්දා (21) ආරම්භ වීමට නියමිත Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගයේ දී බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බැන්ක්‍රොෆ්ට් සිය පා පැදියෙන් ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටී ඇති බවත්, එහිදී ඔහුගේ හිස බිම වැදී ඇති බවත් සදහන්.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගය බටහිර ඔස්ට්‍රේලියාව හා තස්මේනියාව අතර පර්ත්හි WACA ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...