ක්‍රිකට් මතකාවර්ජන : බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසය වෙනස් කරමින් රහීම් දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණයි.

එළඹෙන 22 වැනිදා සිල්හෙට් දී පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව ඇති අතර, තරගය සදහා ක්‍රීඩා කරන බංග්ලාදේශ හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක ඊයේ දිනයේ දී සිල්හෙට් වෙත ළගා වුණා.

මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වුණේ ඔහුට එරෙහිව අයි.සී.සීය පැනවූ තරග තහනම හේතුවෙන්.

එමෙන්ම ආබාධයකට ලක් වීම නිසා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට ද මෙම ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

මුෂ්ෆිකර් රහීම් පිළිබද යළිත් බොහෝ දෙනා අතර කතා බහක් ඇති වුණේ ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි එක්දින තරගයෙන් පසු ශූරතා කුසලානය සමග ජය සැමරීමේ දී ඔහු විසින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ Timed Out දැවී යාම හිස් ආවරණයක් සමග අනුකරණය කිරීමත් සමගයි.

ඇන්ජෙලෝ මැතිව්ස් එලෙස Timed Out ක්‍රමවේදය යටතේ දැවී ගියේ එවැනි දැවී යාමකට හසු වූ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු පිතිකරු බවට පත් වෙමින්.

කෙසේ වෙතත්, ඉන් සති කිහිපයකට පසුව මුෂ්ෆිකර් රහීම් ද ටෙස්ට් ඉතිහාසය වෙනස් කරමින් පන්දුව අතින් ස්පර්ශ කිරීමේ වරද නිසා දැවී ගිය බව ඔබට මතක ඇති.

ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ දී එවැනි දැවී යාමකට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු බවට පත් වූයේ මුෂ්ෆිකර් රහීම්.

නවසීලන්තය සමග මීර්පූර් හී දී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදීයි ඔහු එලෙස දැවී ගියේ.

පන්දු රකින්නන් කළ ඉල්ලීමකින් පසුව පන්දු රැකීමට බාධා කිරීමේ (obstructing the field) දැවී යාම් නීති කාණ්ඩය යටතේ රහීම් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කිරීමට තෙවන විනිසුරු කටයුතු කළා.

මුෂ්ෆිකර් රහීම් පිළිබද බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති මේ අවස්ථාවේ අපි ඔබට එම සිදුවීමේ මතකය යළි ආවර්ජනය කිරීමට තීරණය කළා.

රහීම් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...