IPL 2024 : තෙවන විනිසුරුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදු කෙරේ

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තෙවන විනිසුරුගේ තීරණ ගැනීමේ නිරවද්‍යතාවය සහ වේගය වැඩි කිරීම සදහා නව ක්‍රමවේදයක් (Smart Replay System) හදුන්වා දීමට තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රමවේදය යටතේ තෙවන විනිසුරුට (රූපවාහිනී විනිසුරු) Hawk-Eye තාක්ෂණ ක්‍රියාකරුවන් දෙදෙනාගෙන් සෘජුවම අවශ්‍ය රූපරාමු ලැබීමට නියමිත බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

එම ක්‍රියාකරුවන් දෙදෙනා හා තෙවන විනිසුරු එකම කාමරයක රැදී සිටිමින් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මෙම නව ක්‍රියාවලිය සිදු කරනු ඇති.

තරගයක් සදහා ක්‍රීඩාංගනයක Hawk-Eye තාක්ෂණය සහිත කැමරා 8 ක් යොදා ගන්නා අතර, ක්‍රියාකරුවන් දෙදෙනෙකු විසින් එහි පාලන කටයුතු සිදු කරනවා.

ඒ අනුව මෙතෙක් තෙවැනි විනිසුරු සහ Hawk-Eye ක්‍රියාකරුවන් අතර සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කළ රූපවාහිනී විකාශන අධ්‍යක්ෂවරයා මින් ඉදිරියට තෙවන විනිසුරුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ නැහැ.

මෙම ක්‍රමවේදය තුළින් තෙවන විනිසුරුට මීට පෙර ලැබුණු දර්ශනවලට වඩා වැඩි දර්ශන ලබා ගනිමින් නිවැරැදි හා වේගවත්ව තීරණ ලබා දීමේ හැකියාව ලැබෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...