නායක කුසල් මෙන්ඩිස්ටත් අයි.සී.සීයෙන් දඩුවම් පනවයි

Date:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.

මෙන්ඩිස් විසින් විනය නීති සංග්‍රහයේ 2.13 වගන්තිය (“Personal abuse of a Player, Player Support Personnel, Umpire or Match Referee during an International Match.”) උල්ලංඝනය කරමින් දෙවැනි මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

තරගයෙන් අනතුරුව විනිසුරුවරුන්ට අතට අත ලබා දීමේ දී මෙන්ඩිස් විසින් විනිසුරුවන්ට සිය අප්‍රසාදය පල කර ඇති බව සදහන්. (“abused the umpires while shaking hands with them”)

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් හා ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3ක් පනවා තිබෙනවා.

කුසල් මෙන්ඩිස් විසින් සිය වරද හා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...