RCB කණ්ඩායමේ නම වෙනස් කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන RCB කණ්ඩායම සිය නමෙහි සුළු සංශෝදනයක් සිදු කර තිබෙනවා.

මෙතෙක් එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යනුවෙන් හදුන්වනු ලැබූ නමුත්, ඉදිරියේ දී එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු නමින් හැදින්වීමට නියමිතයි.

එනම් බැංගලෝර් වෙනුවට එම නගරයේ නිල නාමය වන බැංගලූරු යන නම ඉදිරියේ දී ඔවුන් භාවිතා කිරීමට නියමිතයි.

අද(19) බැංගලූරුහි M. Chinnaswamy ක්‍රීඩාංගනයේ දී පැවැති උත්සවයකදීයි මෙම සංශෝදනය පිළිබද තොරතුරු අනාවරණය කෙරුණේ.

2008 වසරේ දී අයි.පී.එල් තරගාවලිය ආරම්භයේ සිටම RCB කණ්ඩායම හදුන්වනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන නමිනුයි.

මේ අතර, බැංගලූරු කණ්ඩායම නව නිල ජර්සියක් හා නව සංඛේතයක් (Logo) ද සමගින් 2024 අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මීට පෙර Kings XI Punjab කණ්ඩායම Punjab Kings ලෙස ද, Delhi Daredevils කණ්ඩායම Delhi Capitals ලෙස ද සිය නම් වෙනස් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...