බංග්ලාදේශ අත්දැකීම් බහුල පිතිකරුවා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ දකුණු මාපටැඟිල්ලෙහි සිදුව ඇති අස්ථි බිදී යාමක් හේතුවෙන්.

ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී කඩුලු රකිමින් සිටියදීයි පන්දුවක් අතේ වැදීමෙන් රහීම් මෙම ආබාධයට ලක්වුණේ.

අනතුරුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහුට ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ආබාධය සුව වීම සදහා ඔහුට සති තුනක පමණ කාලයක් අවම වශයෙන් ගත වනු ඇති බවයි බංග්ලාදේශ කණ්ඩායමේ භෞත චිකිත්සක Bayjedul Islam Khan සදහන් කළේ.

මුෂ්ෆිකර් රහීම් වෙනුවට මෙතෙක් එරට ටෙස්ට් සංචිතයට කිසිදු ක්‍රීඩකයෙකු ආදේශ කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 22 වැනිදා සිල්හෙට් දී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 30 වැනිදා ආරම්භ වන්නේ චිතගොංහී දී යි.

පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රීඩකයින් අද (19) දිනයේ දී සිල්හෙට් වෙත ළගා වුණා.

දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවත්, එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස බංග්ලාදේශයත් ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...