42 වැනි වරටත් රංජි කුසලානය මුම්බායි කණ්ඩායමට

Date:

ඉන්දියාවේ පැවැති මෙවර රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, අවසන් තරගයේ දී විදර්භා කණ්ඩායම පරදා ලකුණු 169 ක ජයක් වාර්තා කරමින්.

මෙය මුම්බායි කණ්ඩායම රංජි කුසලානය ජය ගත් 42 වැනි අවස්ථාව වීම විශේෂත්වයක්.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස විදර්භා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 105 ක්.

මුම්බායි පිල සිය දෙවැනි ඉනිමට ලකුණු 418 ක් රැස් කළේ තරගය ජය ගැනීම සදහා විදර්භා පිලට ලකුණු 538 ක දැවැන්ත ඉලක්කයක් හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, තරගයේ පස්වැනි හා අවසන් දිනය වූ අද දිනයේ දී විදර්භා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 368 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...