IPL නිසා පාකිස්තාන සංචාරයෙන් නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් ඉවත් වන ලකුණු

Date:

අප්‍රේල් මාසයේදී නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරත වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර පන්දුවාර විස්සයි 20 තරග 5කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරග තුන රාවල්පින්ඩි හී දී අප්‍රේල් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අවසන් විස්සයි 20 තරග දෙක ලාහෝර් හී දී පැවැත්වෙන්නේ අප්‍රේල් 25 හා 27 යන දිනවලදීයි.

2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට නවසීලන්ත කණ්ඩායම පාකිස්තාන සංචාරයක නිරත වන තෙවැනි අවස්ථාව මෙයයි.

මෙම තරගාවලිය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහනත් සමග ඝට්ටනය වීම නිසා ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් පාකිස්තාන තරග සංචාරය සදහා එක් නොවනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඩැරල් මිචෙල්, මිචෙල් සැන්ට්නර්, කේන් විලියම්සන්, රචින් රවීන්ද්‍ර, ට්‍රෙන්ට් බෝල්ට්, ග්ලේන් පිලිප්ස් හා ලොකී ෆර්ගසන් යන ක්‍රීඩකයින් මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Pak vs NZ T20I series schedule

  • 18 April – 1st T20I, Rawalpindi
  • 20 April – 2nd T20I, Rawalpindi
  • 21 April – 3rd T20I, Rawalpindi
  • 25 April – 4th T20I, Lahore
  • 27 April – 5th T20I, Lahore

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...