යාපනයේ යොවුන් ක්‍රීඩකයා දෝනිගේ ඇරයුමක් මත චෙන්නායි නුවරට

Date:

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි ක්‍රීඩකයෙකු වන Kugadas Mathulan පාසල් තරගයකදී යොමු කළ විශිෂ්ඨ පන්දුවක් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ බව ඔබට මතක ඇති.

ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට යම් සමාන ඉරියව්වකින් පන්දු යවන ඔහු විසින් යොමු කළ විශිෂ්ඨ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වදින අයුරු එම වීඩියෝවේ ඇතුළත්ව තිබුණා.

මේ වන විට ඔහු ඉන්දියාවේ චෙන්නායි හී රැදී සිටින බවත්, චෙන්නායි සුපර් කිංග්ස් නායක එම් එස් දෝනිගේ ආරාධනාවකට අනුව ඔහු එහි ගොස් ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකු (net bowler) ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති බව සදහන්.

එසේ වුවහොත් ලොව සුපිරි පිතිකරුවන් ඉදිරියේ පන්දු යැවීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇති.

මෙවර අයි.පී.එල් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වන අතර, චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...