කම්පන තත්ත්වය නිසා විල් පුකොව්ස්කිට Leicestershire ගිවිසුම අහිමි වෙයි

Date:

එළඹෙන බ්‍රිතාන්‍ය අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී (County Championship) Leicestershire කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියානු පිතිකරු විල් පුකොව්ස්කි අත්සන් තබා තිබූ ගිවිසුම අවලංගු කර තිබෙනවා.

ඒ, ඔහු මෙම මස මුලදී දේශීය ප්‍රාන්ත තරගයක් අතරතුර පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදීම නිසා යළිත් වරක් මුහුණ දුන් කම්පන (concussion) තත්ත්වයෙන් මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින්.

26 හැවිරිදි ඔහු ප්‍රාන්ත තරගාවලියේ පළමු තරග පහ සදහා ක්‍රීඩා කිරීමට මීට පෙර ගිවිසුම්ගත වී තිබුණා.

විල් පුකොව්ස්කි වෙනුවට ඔස්ට්‍රේලියානු පිතිකරු මර්කස් හැරිස් සමග පළමු තරග පහ වෙනුවෙන් Leicestershire කණ්ඩායම මේ වන විට ගිවිසුම්ගත වී ඇති බව සදහන්.

2021 වසරේ දී ද ඔහු එම ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ අතර, එහිදී පළමු පෙල ලකුණු 655 ක් රැස් කිරීමට ඔහු සමත් වුණේ 54.58 ඉනිමක සාමාන්‍යයක් සටහන් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...