විරාත් කෝලිගේ T20I දිවිය අවසන් ද? ලෝක කුසලානයෙනුත් ඉවත් කෙරෙන ලකුණු

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට නම් නොකිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව ‘The Telegraph’ වාර්තා කර තිබෙනවා.

2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි දෙවැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී යි.

කොදෙව් තණතීරු හා විරාත් කෝලිගේ මෑතකාලීන විස්සයි 20 තරග දක්ෂතා සැලකිල්ලට ගෙන අජිත් අගාර්කර්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ඔහුව මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සදහන්.

ඒ අනුව එළඹෙන 22 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කෝලිට ඉතා තීරණාත්මක තරගාවලියක් වන බව සැකයක් නැහැ.

එම තරගාවලියේ දී ඔහු ඉහළ දක්ෂතා දැක්වුවහොත් පමණක් කෝලිට විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2013 වසරේ සිට මේ දක්වා කිසිදු අයි.සී.සී ශූරතාවයක් දිනා ගැනීමට ඉන්දියාව අසමත් වීම පදනම් කර ගනිමින් මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමට තේරීම් කමිටුව පියවර ගනිමින් සිටින බව සදහන්.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිත ඒ ඒ ක්‍රිකට් ආයතන විසින් මැයි මස මුල සතියේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත භාර දිය යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...