Watch : ඉතිහාසයේ දුර්වලම විනිසුරු තීන්දුව හා ක්‍රීඩකයෙකුගේ ලොකුම වංචාව ?

Date:

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රමුඛතම රතු පන්දු ක්‍රිකට් තරගාවලිය වන Col CK Nayudu කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලබා දුන් ඉතා දුර්වල විනිසුරු තීන්දුවක් ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

අවසන් තරගය කර්නාටක කණ්ඩායම හා උත්තර් ප්‍රදේශ් කණ්ඩායම අතර පැවැති අතර, එම තරගයේ පළමු දිනයේ දී යි මෙම දුර්වල විනිසුරු තීන්දුව දැකගත හැකි වූයේ.

කර්නාටක ආරම්භක පිතිකරු Prakhar Chaturvedi ට එරෙහිව මෙම දුර්වල විනිසුරු තීන්දුව ලබා දුන්නා. ඔහු විසින් කඩුලු රකින ක්‍රීඩක Aaradhya Yadav ගේ අතට උඩ පන්දුවක් ලබා දුන් නමුත්, කඩුලු රකින්නාට එය සාර්ථක ලෙස රැක ගැනීමට හැකි වූයේ නැහැ.

පන්දුව පැහැදිලිවම බිම පතිත වන අයුරු දැකිය හැකි වුවත්, එය නොදුටු විනිසුරුවරයා පිතිකරු දැවී ගිය අයෙකු ලෙස නම් කළා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...