ඉනිමක ජයක් සමග තරග 4-1 ක් ලෙස තරගාවලියේ ජයත් ඉන්දියාවට

Date:

එංගලන්තය සමග පැවැති තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(9) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති පස්වැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 64 ක විශිෂ්ඨ ජයක් ලබමින්.

ධර්ම්සාලා හී දී පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 195 ක් පමණයි.

ජෝ රූට් ලකුණු 84 ක් රැස් කළ අතර, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ආර් අශ්වින් ලකුණු 77 කට කඩුලු 5ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 473 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 477 කට සීමා වුණා.

ෂුබ්මන් ගිල් ලකුණු 110 ක් රැස් කළ අතර, රෝහිත් ෂර්මා ලකුණු 103 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශොයිබ් බෂීර් ලකුණු 173 කට කඩුලු 5ක් දවා ගත්තා. අද දිනයේ දී තම 700 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලූ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218 ක්.

තරගයේ වීරයා ලෙස කඩුලු 7ක් දවා ගත් කුල්දීප් යාදව් ද, තරගාවලියේ වීරයා ලෙස ලකුණු 712 ක් රැස් කළ යශස්වි ජයිස්වාල් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...