Watch : නුවන් තුෂාර දවා ගත් කඩුලු පහ

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(9) බංග්ලාදේශය සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවා ගැනීමට සමත් වුණා.

ප්‍රතිවාදීන්ට ලකුණු 20 ක් පමණක් ලබා දෙමින් ඔහු එම කඩුලු පහ බිද හෙලූ අතර, පළමු කඩුලු තුන පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට ද ඔහු සමත් වීම කැපී පෙනුණා.

මීට පෙර තිසර පෙරේරා, ලසිත් මාලිංග (දෙවරක්), අකිල ධනංජය හා වනිදු හසරංග 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන තිබුණා.

තිසර පෙරේරා ඉන්දියාවට එරෙහිව 2016 වසරේ දී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ අතර, ලසිත් මාලිංග බංග්ලාදේශයට එරෙහිව 2017 වසරේ දී හා නවසීලන්තයට එරෙහිව 2019 වසර‌රේ දී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලා තිබුණා.

අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ 2021  වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. වනිදු හසරංග 2021 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...