ඉන්දීය ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු 300% කින් ඉහළ යන අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ටෙස්ට් ක්‍රිකට් දිරි දීමනා ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙහිදී එක් තරග වාරයකදී ක්‍රීඩා කරන ටෙස්ට් තරගවලින් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩකයෙකු කණ්ඩායම නියෝජනය කළහොත් එම ක්‍රීඩකයාගේ තරග ගාස්තු 300% කින් ඉහළ යන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සදහා නිරත වීමට ක්‍රීඩකයින් දිරිගැන්වීම මෙන්ම අනෙකුත් තරග රටා හා ලීග් තරගවල තරග ගාස්තු කෙරෙහි අවධානය යොමු කර මෙම ක්‍රමය හදුන්වා දී තිබෙනවා.

අජිත් අගාර්කර්ගේ තේරීම් කමිටුව විසින් මෙම ක්‍රමය නිර්දේශ කර ඇති බවත්, පළමු පෙල තරග සදහා ක්‍රීඩකයින් සම්බන්ධ කර ගැනීම දිරිගැන්වීමේ අරමුණින් එය ඉදිරිපත් කර ඇති බවත් සදහන්.

2022-23 තරග වාරයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ක්‍රමය බලාත්මක කිරීමට ද තීරණය කර තිබෙනවා.

මේ අනුව 2022-23 තරග වාරයේ දී ටෙස්ට් තරග 9න් තරග 7ක් ක්‍රීඩා කළ චෙටස්වර් පුජාරාට (77.8%) ඉන්දීය රුපියල් ලක්ෂ 15 ක තරග ගාස්තුවට අමතරව ඉන්දීය රුපියල් ලක්ෂ 45 ක මුදලක් එක් ටෙස්ට් තරගයක් වෙනුවෙන් හිමි වනු ඇති.

ඒ අනුව ඔහු උපයා තිබූ ඉන්දීය රුපියල් කෝටි 1.05 ක මුදලට සාපේක්ෂව මෙම නව ක්‍රමය හේතුවෙන් ඔහුගේ ආදායම එම තරග වාරයේ දී ඉන්දීය රුපියල් කෝටි 4.2 ක් දක්වා ඉහළ යනවා.

නව ක්‍රමයට අනුව ටෙස්ට් තරගවලින් 50-75% ක ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට ටෙස්ට් තරගයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මුදලක් (තරග ගාස්තුවලට අමතරව) හිමි වන අතර, 50% කට අවම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට මෙම දිරි දීමනාව හිමි වන්නේ නැහැ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෑතකදී මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ද නිවේදනය කළ අතර, එහිදී ක්‍රීඩකයෙකුට හිමි වන වාර්ෂික වැටුප පිළිබද තොරතුරු සදහන් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ දී A+ කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටි 7 ක මුදලක් ද, A කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටි 5 ක මුදලක් ද, B කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටි 3 ක මුදලක් ද, C කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ද හිමි වුණා.

ක්‍රීඩකයින් දේශීය පළමු පෙල තරග ක්‍රීඩා කිරීම සදහා හා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෑතකදී ක්‍රීඩකයින්ට දැනුම් දී තිබූ පසුබිමකයි මෙම නව දිරි දීමනා ක්‍රමය ඉදිරිපත් කර ඇත්තේ.

ඉෂාන් කිෂන් හා ෂ්රෙයස් අයියර් ජාතික කණ්ඩායම නියෝජනය නොකරන අවස්ථාවක රංජි කුසලාන තරග සදහා ක්‍රීඩා නොකිරීම පදනම් කර ගනිමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය එම ප්‍රකාශය සිදු කර තිබුණා.

අනතුරුව ක්‍රීඩකයින් 30 දෙනෙකුට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දුන් අතර, එම ක්‍රීඩක ලැයිස්තුවට ද කිෂන් හා අයියර් ඇතුළත් කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...