හැරීගේ 138 අපතේ යයි – ගුර්බාස්ගේ 121 හා ෆරූකිගේ කඩුලු 4 ඇෆ්ඝනිස්තානයට ජය ගෙනෙයි

Date:

හැරී ටෙක්ටර්ගේ ශතකය අපතේ යවමින් රහ්මනුල්ලාහ් ගුර්බාස් වාර්තා කළ ශතකය හමුවේ අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 310 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 275 ක් පමණයි.

අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 34 ක් තුළ බිද වැටුණු අතර, අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හැරී ටෙක්ටර් හා ලෝකන් ටකර් ලකුණු 173 (173) ක අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

ටෙක්ටර් ලකුණු 138 ක් ලබා ගත්තේ පන්දු 147 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ටකර් පන්දු 76 කින් ලකුණු 85 ක් ලබා ගත්තා. හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කෙසේ වෙතත්, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ පසු කිරීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 51 කට කඩුලු 4ක් දවා ගත් අතර, අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු දෙකක් බිද හෙලුවා.

අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් පළමු කඩුල්ල සදහා ලකුණු 150 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ගුර්බාස් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් සමත් වුණා.

ගුර්බාස් ලකුණු 121 ක් ලබා ගත්තේ පන්දු 117 කින්. හයේ පහර 6ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. සඩ්‍රාන් ලකුණු 60කටත්, මොහමඩ් නබී ලකුණු 40(27) කටත් දැවී ගිය අතර, හෂ්මතුල්ලාහ් ශහීඩි නොදැවී ලකුණු 50 (33) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Theo van Woerkom ලකුණු 55 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...