Day 1 Report : 162 කට දැවී ගිය නවසීලන්තයට හෙන්රිගෙන් බලාපොරොත්තුවක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(8) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 162 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 38 ක්.

මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 45 ක් හා නේදන් ලයන් නොදැවී එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක පිතිකරුවන් වූ ස්ටීවන් ස්මිත් ලකුණු 11 කටත්, උස්මාන් කවාජා ලකුණු 16 කටත් දැවී ගියා. කැමරන් ග්‍රීන් ලකුණු 25 යි. ට්‍රැවිස් හෙඩ් දැවී ගියේ ලකුණු 21 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 39 කට කඩුලු 3ක් දවා ගනිමින් නවසීලන්තයට යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වුණා. මෙම ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනූ බෙන් සියර්ස් විසින් සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ස්මිත් දවා ගැනීම කැපී පෙනුණා.

ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ආරම්භක පිතිකරු ටොම් ලේතම්. ඔහු ලකුණු 38 කට දැවී ගියා.

මැට් හෙන්රි ලකුණු 29 ක්, නායක ටිම් සවුති ලකුණු 26 ක් හා ටොම් බ්ලන්ඩල් ලකුණු 22 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නවසීලන්ත ඉනිම සම්පූර්ණයෙන් අඩපන කළ ජොෂ් හේසල්වුඩ් ලකුණු 31 කට කඩුලු 5ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් කඩුලු 3ක් බිද හෙලුවා.

මෙම ටෙස්ට් තරගය ටිම් සවුති හා කේන් විලියම්සන් ක්‍රීඩා කරන ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...