IPL 2024 : මැතිව් වේඩ්ට ටයිටන්ස් පළමු තරගය අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරුවෙකු වන මැතිව් වේඩ්ට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන ආරම්භක තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Sheffield Shield තරගාවලියේ අවසන් තරගය සදහා Tasmania කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බැවින්.

අවසන් තරගය මාර්තු 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ අනුව ඔහුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මාර්තු 25 වැනිදා පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරගය පැවැත්වෙන්නේ මාර්තු 27 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි. එම තරගය සදහා ඔහුට බොහෝ විට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන තෙවැනි තරගය සන්රයිසස් හයිදරාබාද් පිලට එරෙහිව මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...