නූර් අලී සඩ්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඇෆ්ඝනිස්තාන පිතිකරු නූර් අලී සඩ්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

2009 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ ඔහු ටෙස්ට් තරග දෙකකදී, එක්දින තරග 51 කදී හා විස්සයි 20 තරග 23 කදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළා.

නූර් අලී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේ අයර්ලන්තයට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගයේ දී යි. එම තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරාජයට පත් වුණා.

නූර් අලී ලකුණු 1,216 ක් එක්දින ජාත්‍යන්තර පිටියේ දී ලබා ගෙන ඇති අතර, ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 24.81 ක් ලෙසයි.

විස්සයි 20 තරගවලදී ලකුණු 597 ක් රැස් කළ ඔහුගේ සාමාන්‍ය 27.13 ක්. ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග දෙකම මාසයක් ඇතුළත ක්‍රීඩා කළ අතර, පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයයි. ටෙස්ට් ඉනිම් හතරේ දී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 117 ක්.

2009 වසරේ දී ඇෆ්ඝනිස්තානය සිය පළමු නිල එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන අවස්ථාවේ දී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ සඩ්‍රාන් ස්කොට්ලන්තයට එරෙහිව එම තරගයේ දී පන්දු 28 කින් ලකුණු 45 ක් රැස් කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...