බෙන් සියර්ස්ට ටෙස්ට් වරම් – ඔස්ට්‍රේලියාවෙන් වෙනසක් නැහැ – බෝලන්ඩ් යළි සියරට බලා පිටව යන ලකුණු

Date:

වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස් හෙට(8) ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බව නවසීලන්ත නායක ටිම් සවුති තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තරගය සදහා ද සිව්වැනි වේග පන්දු යවන්නෙකු ලෙස Scott Kuggeleijn යොදා ගන්නේ ද, නැතහොත්, දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් යොදා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් නවසීලන්තය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

26 හැවිරිදි බෙන් සියර්ස් සංචිතයට කැදවනු ලැබුවේ පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ Will O’Rourke වෙනුවටයි.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නැතත්, සියර්ස් මේ දක්වා විස්සයි 20 ජාත්‍යන්තර තරග 13 ක් සදහා ක්‍රීඩා කර තිබෙනවා.

මේ අතර, හෙට ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය සදහා ද පළමු තරගය සදහා ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කරන බව ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පවසනවා.

ඒ අනුව පිට පිට ටෙස්ට් තරග 4ක් සදහා මේ වන විට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එකම කණ්ඩායමක් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් හා මිචෙල් ස්ටක් මෙම තරගය සදහා ද වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරන බැවින් ස්කොට් බෝලන්ඩ් බොහෝ විට දේශීය තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් සංචිතයෙන් නිදහස් කිරීමට ඉඩ ඇති බව සදහන්.

නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට මෙරට වේලාවෙන් අලුයම 3.30 ට ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරගය ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...