මිනෝද්ගේ ශතකය අපතේ යයි – මිලාන්, සදකැන්, කුමාර කඩුලු අතරට

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා 6 වැනි තරගවලින් ජය වාර්තා කිරීමට ගාලු හා මහනුවර කණ්ඩායම් සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ දඹුල්ල (එක් කඩුල්ලකින්) හා කොළඹ කණ්ඩායම්(කඩුලු 6කින්).

පල්ලේකැලේ පැවැති දඹුල්ල හා ගාල්ල අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිල පන්දුවාර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දඹුල්ල වෙනුවෙන් නායක මිනෝද් භානුක ලකුණු 102 (116) ක් රැස් කළා. පන්දු යැවීමේ දී මිලාන් රත්නායක කඩුලු 3ක් දවා ගත් අතර, නිමේෂ් විමුක්ති හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ගාලු පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 67 ක් රැස් කළ ශෙහාන් ප්‍රනාන්දු. ලහිරු සමරකෝන් නොදැවී ලකුණු 53 ක් ලබා ගනිමින් ගාලු පිල ජයග්‍රහනය කරා රැගෙන ගිය අතර, නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 52 යි. පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන් ලකුණු 60 කට කඩුලු 3ක් බිද හෙලුවා.

දඹුල්ලේ පැවැති කොළඹ-මහනුවර තරගයේ පළමුව පන්දුවට පහරදුන්නේ කොළඹ කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 215 ක් රැස් කළා. මහුනවර පිල පන්දුවාර 42 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කොළඹ ඉනිම වෙනුවෙන් විශාද් රන්දික ලකුණු 59 ක් නොදැවී ලබා ගත් අතර, පන්දු යැවීමේ දී මහනුවර වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 27 කට කඩුලු 3ක් බිද හෙලුවා.

මහනුවර පිළිතුරු ඉනිම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 63 ක්, සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 58 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...