Day 2 Report : රහ්මාන්ගේ කඩුලු 5 හා ශහීඩිගේ 53* හමුවේ ඇෆ්ඝනිස්තානය යළි සටනට

Date:

සියා-උර්-රහ්මාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හා නායක හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නොදැවුණු අර්ධ ශතකය හමුවේ සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යළි සටනට අවතීර්ණ වීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(29) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 134 ක්.

ඒ අනුව ඔවුන් මේ වන විට විට දෙවැනි ඉනිමේ දී ලකුණු 26 ක් ඉදිරියෙන් පසුවනවා.

ශහීඩි නොදැවී ලකුණු 53 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් නොදැවී ලකුණු 23 යි. නූර් අලී සඩ්‍රාන් ලකුණු 32 ක් රැස් කළා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 100 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා.

ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 155 ට පිළිතුරු ලෙසයි.

පෝල් ස්ටර්ලින්ග් ලකුණු 52 ක් ලබා ගත් අතර, කර්ටිස් කැම්පර් ලකුණු 49 යි. ලෝකන් ටකර් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේ දී සියා-උර්-රහ්මාන් ලකුණු 64 කට කඩුලු පහක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...