කඩුලු පහක ජයකින් ඉන්දියාව ටෙස්ට් තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (3-1) ඉන්දීය කණ්ඩායම අද(26) සමත් වුණා.

රංචි හී දී පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 40 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු පහක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුල්ල සදහා යශස්වි ජයිස්වාල් හා රෝහිත් ෂර්මා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 84 ක්. ජයිස්වාල් ලකුණු 37 කට දැවී ගිය අතර, නායක රෝහිත් ෂර්මා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55 ක්. රාජත් පටිදර් ලකුණු නොලබා දැවී ගියා.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 4කටත්, සර්ෆරාස් ඛාන් ලකුණු නොලබා සිටියදීත් පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට ශොයිබ් බෂීර් සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද යම් බලාපොරොත්තුවක් එංගලන්තයට ද හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, අංක 3 පිතිකරු වූ ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 52 ක් හා ධරුව් ජුරෙල් නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 72 ක්.

පන්දු යැවීමේ බෂීර් ලකුණු 79 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජෝ රූට් හා ටොම් හාර්ට්ලි කඩුල්ල බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 353 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව ලබා ගත්තේ ලකුණු 307 ක් පමණයි.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිමේ දී ලකුණු 46 ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ඇරඹූ නමුත්, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 145 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

මෙය බෙන් ස්ටොක්ස් එංගලන්ත ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් පසුව හා බ්‍රෙන්ඩන් මැකලම් එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත් වීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම පරාජයට පත් වූ පළමු ටෙස්ට් තරගාවලිය වීම ද කැපී පෙනෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...