WTC 2023-25 : ඉන්දියාව ලැබූ කඩුලු පහේ ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

Date:

2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(26) සමත් වුණා. ඒ, එංගලන්තය සමග පැවැති සිව්වැනි ටෙස්ට් තරගයෙන් ලැබූ කඩුලු පහක ජයත් සමගින්.

මෙම ජයත් සමග තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 3-1 ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ද ඉන්දියාව සමත් වුණා.

ලැබූ ජයත් සමග ඉන්දියාවට තවත් ප්‍රසාද ලකුණු 12 ක් හිමි වූ අතර, ඒ අනුව ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 59.52 සිට 64.58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය නවසීලන්තයට හිමිව ඇති අතර, කිසිදු ප්‍රසාද ලකුණකට හිමිකම් නොකියන ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ඉන්දු – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය මාර්තු 7 වැනිදා ධරම්සාලා හී දී ආරම්භ වීමට නියමිතයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...