හැරිස් රවුෆ් PSL තරගාවලියෙන්ම ඉවතට

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ්ට මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, Lahore Qalandars කණ්ඩායම නියෝජනය කරන ඔහුගේ උරහිසක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

කරච්චි කිංග්ස් කණ්ඩායම සමග සෙනසුරාදා පැවැති තරගයේ දී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා. එම තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී යි ඔහුගේ උරහිසක මෙම ආබාධය සිදු වුණේ.

ඒ අනුව සති 4-6 අතර කාලයක් ඔහුගේ ආබාධය සුව වීම සදහා ගත වන බවයි Qalandars කණ්ඩායම සදහන් කළේ.

“The medical panel, after consultation, concluded that he needs four to six weeks to recover, forcing him to miss the PSL season,” යනුවෙන් Qalandars කණ්ඩායම නිකුත් කළ නිවේදනයක සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...