Day 3 Report : ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 152 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර රංචි හී දී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(25) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40 ක්. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 24 ක් හා යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 16 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව තරගය ජය ගනිමින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ඔවුන් තවත් ලකුණු 152 ක් ලබා ගත යුතුයි.

දිනය ආරම්භ කරන විට සිය ‌පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 219 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 307 කට දැවී ගියා. ඒ, එංගලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 353 ට පිළිතුරු වශයෙන්.

ඉන්දීය ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 177 දී දැවී ගිය පසුබිමක සටන්කාමී ඉනිමක නිරත වෙමින් ඉන්දීය පළමු ඉනිම ලකුණු 300 සීමාව අභිබවා රැගෙන යමින් ඉන්දියාව යළි සටනට අවතීර්ණ කිරීමට ධරුව් ජුරෙල් සමත් වුණා. ඔහු ලකුණු 90 ක් ලබා සිටියදී දැවී ගියේ ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි.

කුල්දීප් යාදව් ලකුණු 28 ක් රැස් කරමින් ජුරෙල් සමග 8 වැනි කඩුල්ල සදහා ලකුණු 76 (202) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ඉන්දීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 73 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ශොයිබ් බෂීර් ලකුණු 119 කට කඩුලු 5ක් දවා ගත්තා. ටොම් හාර්ට්ලි බිද හෙලූ කඩුලු ගණන තුනක්.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිමේ දී ලකුණු 46 ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ඇරඹූ නමුත්, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 145 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

සැක් ක්‍රව්ලි ලකුණු 60 ක් හා ජොනී බෙයාර්ස්ටව් ලකණු 30 ක් රැස් කළ නමුත්, වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් ඉනිමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 51 කට කඩුලු 5ක් දවා ගත් අතර, කුල්දීප් යාදව් ලකුණු 22 කට කඩුලු 4ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...