නවසීලන්තය ලකුණු 27 කින් පරදා ඔස්ට්‍රේලියාව පූර්ණ තරගාවලි ජයක් හිමි කර ගනියි

Date:

නවසීලන්තය සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් විස්සයි 20 තරගයෙන් ඔස්ට්‍රේලියාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 27 ක ජයක් ලැබීමත් සමගයි.

ඔක්ලන්ඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ අනුව ඔවුන්ගේ ඉනිම පන්දුවාර 10.4 කට සීමා වුණා.

ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 118 ක්. ට්‍රැවිස් හෙඩ් ලකුණු 33(30) ක්, මැතිව් ශෝර්ට් ලකුණු 27(11) ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 20(9) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇඩම් මිල්න්, බෙන් සියර්ස්, මිචෙල් සැන්ට්නර් හා ජොෂ් ක්ලාර්ක්සන් කඩුල්ල බැගින් බිද හෙලුවා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 10 කදී ජයග්‍රහනය සදහා ලකුණු 126 ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට කඩුලු 3ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 98 ක් පමණයි.

ග්ලේන් පිලිප්ස් පන්දු 24 කින් නොදැවී ලකුණු 40 ක් රැස් කළේ හයේ පහර දෙකක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී මැතිව් ශෝර්ට්, ස්පෙන්සර් ජොන්සන් හා ඇඩම් සම්පා කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...