ජැක් ලීච් ශල්‍යකර්මයකට සූදානමින්

Date:

එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් සිය වම් දණහිසේ සිදුව ඇති ආබාධය හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව සිටින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙවර ඉන්දීය තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී පන්දු රකිමින් සිටියදීයි ඔහු දණහිසේ ආබාධයකට ලක්වුණේ.

දෙවැනි දිනයේ පෙරවරු කාලයේ දී පන්දු රකිමින් සිටියදී එම ආබාධය උත්සන්න වී තිබුණා.

කෙසේ වෙතත්, ලීච් එම තරගයේ දී පන්දුවාර 36 ක් යොමු කරමින් කඩුලු දෙකක් දවා ගත් අතර, තරගයෙන් එංගලන්තය ලකුණු 28ක ජයක් ද වාර්තා කළා.

නමුත්, අනතුරුව මෙම ආබාධය හේතුවෙන් ඔහුට ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් වීමට ද සිදු වුණා. ඔහු අගහරුවාදා දිනයේ දී ශල්‍යකර්මයට මුහුණ දීමට නියමිතව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...