තරගයෙන් පසු ඉසුරු උදානට පුහුණුකරු සුබ පැතුවේ මෙහෙමයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගයෙන් ඊයේ(3) කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

මෙම තරගය සදහා ද බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන පළමු තරගයේ දී මෙන් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඉසුරු විසින් බිද හෙලනු ලැබුවේ රාජස්ථාන් පිලේ නායක ස්ටීව් ස්මිත්ගේ සහ Riyan Parag ගේ කඩුල්ලයි. (දර්ශන මෙතනින්)

එමෙන්ම පන්දු රැකීමේ දී ද ලෝන්ග් ඕෆ් කලාපයේ සිට විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඔහු සමත් වුණා.

මෙම ජයග්‍රහනයත් සමග ආර්.සී.බී. කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ නමුත්, මේ වන වි ඔවුන් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග 4න් තරග 3ක් ජය ගනිමින්.

තරගයෙන් අනතුරුව කණ්ඩායම් රැස්වීමේ දී ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයීමට පුහුණුකරු සයිමන් කැටිච් සුපුරුදු පරිදි කටයුතු කළා.

එහිදී ඉසුරු උදාන විසින් රොබින් උතාපා දවා ගැනීම සදහා රැක ගත් උඩ පන්දුවට ද සයිමන් කැටිච් විසින් ප්‍රශංසා පල කරනු දක්නට ලැබුණා.

ඊට අදාළ වීඩියෝවක් මේ වන විට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...