පළමු ක්‍රිකට් පාසල සුරියවැව ඉදි කෙරේ

Date:

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව සහ ජාතික තේරීම් කමිටුව පත් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

ඒ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් .

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, අර්ජුන් රිෂියා ප්‍රනාන්දු සහ මොහොමඩ් හෆීස් මාර්සෝ යන මහත්වරුන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින්.

විනිසුරු කන්කානි තන්ති චිත්‍රශ්‍රී (සභාපති), චන්දක ජයසුන්දර, ඩිනල් මාරියෝ රෙක්ස් පිලිප්ස් පීසී, සිදත් වෙත්තමුනි, දමයන්ති දර්ශා, අරිත්ත රාහුල වික්‍රමනායක  සහ රොෂානි මාරි කොබ්බෑකඩුව යන අය ක්‍රීඩා අභියාචනා හා උපදේශක කමිටු සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.

මේ අතර, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමටත්, අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කිරීමටත් හැකිවන, පළමු ක්‍රිකට් පාසල සුරියවැව නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට හා අධ්‍යාපන අමාත්‍යංශයට තමා ස්තුතිය පුද කරන බවයි හෙතෙම කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...