කඩුලු 500 න් පසු අශ්වින් හදිසියේ ටෙස්ට් තරගය හැර යයි

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එංගලන්තය සමග මේ දිනවල පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් හදිසියේ ඉවත්ව තිබෙනවා.

රාජ්කොට් හි පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16) දිනය නිමා වීමෙන් පසුවයි ඔහු එලෙස තරගයෙන් ඉවත්ව ඇත්තේ.

පවුලේ වෛද්‍ය හදිසි තත්ත්වයක් හේතුවෙන් (family medical emergency) ඔහු මෙලෙස කණ්ඩායමෙන් ඉවත්ව ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දින තුන ඉන්දියාවට ක්‍රීඩා කිරීමට සිදු වන්නේ ක්‍රීඩකයින් 10 දෙනෙකු සමගින් පමණයි.

අශ්වින් නොමැති බැවින් රවීන්ද්‍ර ජඩේජා හා කුල්දීප් යාදව් පමණක් ඉන්දීය කණ්ඩායමේ මේ වන විට දග පන්දු යවන්නන් ලෙස රැදී සිටිනවා.

ඊයේ දිනයේ දී අශ්වින් විසින් එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලිගේ කඩුල්ල දවා ගත් අතර, ඒ සමගින් ඔහු ඉතිහාසගත වුණේ ටෙස්ට් කඩුලු 500 ක් දවා ගත් ලොව 9 වැනි ක්‍රීඩකයා ලෙසයි.

අශ්වින්ගේ ඉවත් වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...