Watch : මුරලිට පමණක් දෙවැනි වෙමින් අශ්වින් කඩුලු 500 ට ළගා වෙයි – පියා ගැනත් සංවේදී ප්‍රකාශයක්

Date:

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 ක් දවා ගත් 9 වැනි පන්දු යවන්නා බවට පත් වීමට ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අද(16) සමත් වුණා.

ඒ, රාජ්කොට් හී දී පැවැත්වෙන ඉන්දියාව හා එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

එහිදී එංගලන්ත පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස සැක් ක්‍රව්ලි දවා ගනිමින් අශ්වින් මෙම සුවිශේෂී කඩඉම පසු කළා. (දර්ශන පහතින්)

අශ්වින් සිය 98 වැනි ටෙස්ට් තරගයේ දී තම 500 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට මෙලෙස සමත් වූ අතර, ඒ අනුව ඔහු එම කඩඉමට ළගා වූ ඉතිහාසයේ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වුණා.

ටෙස්ට් තරග 87 කින් කඩුලු 500 ක් දවා ගනිමින් එම කඩඉමට ළගා වූ වේගවත්ම (අවම තරග සංඛ්‍යාවකින්) ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.

අශ්වින් ඉතිහාසගත වුණේ ටෙස්ට් කඩුලු 500ක් දවා ගත් දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර අනිල් කුම්බ්ලේ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 500ක් දවා ගෙන තිබුණා.

“මම මෙය මගේ පියා වෙනුවෙන් පුද කරන්න කැමතියි, මගේ ජීවිතයේ මා කළ සෑම දෙයකටම ඔහු වගකිව යුතුයි.” යනුවෙන් තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය හිමි නාලිකාව සමග අදහස් දක්වමින් අශ්වින් කියා සිටියා.

“ඔහු ඒ ඔස්සේ ජීවත් වුණා, මම ක්‍රීඩා කළ සෑම අවස්ථාවකදීම ඔහුට හෘදයාබාධ ඇති වුණා. ඔහු රූපවාහිනියෙන් මගේ තරග නරඹා මට නිරන්තර සහයෝගයක් ලබා දුන් නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරිලා කියලා මට හිතෙනවා. මට විශ්වාසයි අද එයා ගොඩක් සතුටු වෙයි කියලා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...