Day 2 Report : ඩකට්ගේ බේස්බෝල් ප්‍රහාරය හමුවේ එංගලන්තය සටනට පිවිසෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(16) රාජ්කොට් හී දී නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව හිමි කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 207 ක් ලබා සිටියා. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 445 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 238 ක්.

එංගලන්ත ඉනිම ආරම්භ කළ සැක් ක්‍රව්ලි හා බෙන් ඩකට් පළමු කඩුල්ලට ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, ක්‍රව්ලි ලකුණු 15 කට දැවී ගියා. ඔලී පෝප් ලකුණු 39යි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින බෙන් ඩකට් පන්දු 118 කට මුහුණ දී මේ වන විට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 133 ක්. හයේ පහර දෙකක් හා හතරේ පහර 21 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කර තිබෙනවා. ජෝ රූට් නොදැවී ලකුණු 9යි.

දැවී ගිය කඩුලු දෙක දවා ගත්තේ රවිචන්ද්‍රන් අශ්වින් හා මොහමඩ් සිරාජ් විසින්. අශ්වින් අද දවා ගත් කඩුල්ලත් සමග මේ වන විට ඔහු දවා ගෙන ඇති ටෙස්ට් කඩුලු ප්‍රමාණය 500 ක්.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 326 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස කුල්දීප් යාදව් ලකුණු 4කට දැවී ගියා.

7 වැනි කඩුල්ල ලෙස රවීන්ද්‍ර ජඩේජා දැවී ගියේ ලකුණු 112 ක් ලබා සිටියදීයි. Dhruv Jurel ලකුණු 46 ක්, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 37 ක් හා ජස්ප්‍රිට් බුම්රා ලකුණු 26 ක් රැස් කරමින් පසු පෙල ශක්තිමත් කළා. ඉන්දියාව වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා ඊයේ දිනයේ දී ලකුණු 131 ක් ලබා ගත්තා. සර්ෆරාස් ඛාන් ලකුණු 62යි.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් මාර්ක් වුඩ් ලකුණු 114 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...