කේන්ගේ ශතකය හමුවේ නවසීලන්තය පළමු වරට දකුණු අප්‍රිකාව පරදා ටෙස්ට් තරගාවලියක් ජය ගනියි

Date:

දකුණු අප්‍ර්‍රිකා කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ දී තමන් ලැබූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින්.

අද හැමිල්ටන් හී දී නිමා වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමිනුයි නවසීලන්තය තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ.

තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 267 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුල්ලක් දැවී ලකුණු 40 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු තුනක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 133 ක් හා විල් යන්ග් නොදැවී ලකුණු 60ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ඓතිහාසික තරගාවලි ජයක් කරා රැගෙන ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 242 ක්. පිළිතුරු ලෙස නවසීලන්ත පළමු ඉනිම ලකුණු 211 කට සීමා වුණා. අනතුරුව දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 235 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...