2024 LPL තරගාවලිය පැවැත්වෙන දින නිවේදනය කෙරේ

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරගාවලිය ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

පස්වැනි වරටත් මෙවර පැවැත්වෙන එල්.පී.එල් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් ගණන පහක්.

තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්. පළමු වටයේ තරග 20 න් අනතුරුව අවසන් වටයේ තරග 4 පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් පැවැති තරගාවලි හතර අතරින් පළමු තරගාවලි ත්‍රිත්වයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුණේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාවය වනිදු හසරංග නායකත්වය දැරූ බී ලව් කැන්ඩි කණ්ඩායම විසින් හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...