හොදින් පන්දු යවන කණ්ඩායමයි T20 තරග දිනන්නේ – අපිට හොද පන්දු යවන්නන් ඉන්නවා : වනිදු හසරංග

Date:

20යි 20 තරග බොහෝ විට ජය ගනු ලබන්නේ හොදින් පන්දු යවන කණ්ඩායම බව ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පවසනවා.

ශ්‍රී ලංකා 20යි 20 සංචිතයේ ද මේ වන විට ඉතා හොද පන්දු යවන්නන් 6 – 7 දෙනෙකු පමණ රැදී සිටින බවයි වනිදු මාධ්‍ය හමුවේ සදහන් කළේ.

ඇෆ්ඝනිස්තානය සමග අද(17) ආරම්භ වන 20යි 20 තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවේ දි යි ඔහු එම අදහස් පල කළේ.

“හොද තණතීරුවලට ආවම අපි බලන්න ඕනෙ අපි පුලුවන් තරම් කොහොමද හරි විදිහට පන්දු යවන්නේ කියන එක. අපි ඒක කරලා තියෙනවා. අපි ගිහිල්ලා හොද තණතීරුවලත් හොදින් පන්දු යවලා තියෙනවා අපේ පන්දු යවන්නන්.” යනුවෙන් වනිදු කියා සිටියා.

“මම හිතනවා 20යි 20ට ආවම පන්දු යවන්නන්ගෙන් තමයි ගොඩක් තරග ජයග්‍රහනය කරන්න පුලුවන්. ඉතිං මම හිතනවා ඒකට අවශ්‍ය පන්දු යවන්නන් අපිට ඉන්නවා කියලා.

“ඒ වගේම මම නායකයෙක් විදිහට ගොඩක්ම පන්දු රැකීම බලාපොරොත්තු වෙන කෙනෙක්. මම බලාපොරොත්තුවෙනවා පන්දු රැකීම තව තරගයෙන් තරගයට 10% ගානෙ උස්සගන්න පුලුවන්නම් මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අපිට පන්දු රැකීමෙන් වුණත් තරගයක් ජයග්‍රහනය කරවන්න පුලුවන් හොද දක්ෂ තරුණ කණ්ඩායමක් ඉන්නවා.”

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර දින කිහිපයකට පෙරම අලෙවි වී අවසන් වූ අතර, ඒ අනුව අද පස්වරු 4 සිට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දී තිබෙනවා.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...