ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් බලධාරීන් අතර හදිසි සාකච්ඡාවක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර පසුගිය බදාදා(14) හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ක්‍රීඩක සංවර්ධනය, කණ්ඩායම් තේරීම සහ ක්‍රිකට් සම්බන්ධ සමස්ත ප්‍රවේශය ඇතුළත් පුළුල් සහ ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම, එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සහ 2024 වසරේ ඉතිරි තරග සඳහා නිසි සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා කියා සිටියා.

2024 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය සඳහා උපාය මාර්ග පිළිබඳ සැලැස්ම ද ඊට ඇතුළත්.

මේ අතර, මෙම රැස්වීමේ දී වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති අතර, එහි ප්‍රවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිළධාරීන්, උපදේශකවරු වන සනත් ජයසූරිය හා මහේල ජයවර්ධන ඇතුළු ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරීන් රැසක් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...